රාමසාන් අද යි

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබෙනවා.

ඒ රාත්‍රියේ සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උත්සවය සැමරීම අද සිදු කරන බව කොළඹ මහා පල්ලිය ඊයේ නිවේදනය කිරීමත් සමඟ ය.

රාමසාන් උත්සවය යනු ඉස්ලාම් බැතිමතුන්ගේ වැදගත් ම වන උත්සව අවස්ථාවක් වන අතර ඉස්ලාම් ධර්මය සඳහන් ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරානය පිළිබඳ මුහම්මද් තුමාණන්ට පළමු හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස එය සමරනු ලබනවා.

රාමසාන් යනු ඉස්ලාමිය දින දර්ශනයේ නව වන මාසය වන අතර ඒ ශුද්ධ වූ මාසය පුරාවට ඉස්ලාම් බැතිමතුන් හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා.

සාමයෙන් සහ සහෝදරත්වයෙන් සපිරි දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සමාජ ධර්මතා මනා පරමාදර්ශයක් බව යි රාමසාන් දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ.