රාමසාන් උත්සවය සැමරීම සඳහා පැය 72ක සටන් විරාමයක් ලබා ගැනීමට ඊයේ සුඩාන හමුදාව සහ අතුරු හමුදාව එකඟත්වය පළ කරනු ලැබිණි.
කෙසේවෙතත් එම සටන් විරාමය නොසලකා හරිමින් මේ වන විට කාටූම් නගරය පුරා බෝම්බ පිපිරීම් සහ වෙඩි තැබීම් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට පෙර අවස්ථා දෙකක දී ත් සටන් විරාම සඳහා දෙපාර්ශවය එකඟත්වය පළ කරනු ලැබුවත් ඒ සියල්ල ද මෙසේ අසාර්ථක විය.
හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය සිවිල් රජයක් යටතට ගැනීමට ගෙන යන මෙම ගැටුම් වලින් මේ වන විට පුද්ගලයන් 400 ක් පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

