විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

සමඟි ජන බලවේගයේ මැති ඇමතිවරු තනතුරු හා වරප්‍රසාද මුල් කර ගනිමින් ආණ්ඩුව සමඟ එක වීමට සුදානම් වන බවට සාවද්‍ය ප්‍රවෘත්තියක් ආණ්ඩුවට හිතැති කණ්ඩායම් විසින් සමාජගත කර ඇති බව ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ අදාළ ව්‍යාජ ප්‍රවෘත්තිය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව යි.

මැතිවරණයකින් හැර අන් ක්‍රමයකින් මෙම අභාග්‍ය සම්පන්න ඉරණමෙන් රට මුදවා ගත නොහැකි බව යි එහි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.