දුම්රිය ගමන් වාර 30 ක් අවලංගු වේ

රියැදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද දින දුම්රිය ගමන්වාර 30කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දැනට සේවයට වාර්තා කර ඇති රියැදුරන් යොදා ගනිමින් දුර ගමන් සේවා සඳහා ප්‍රමුඛතාව දී දුම්රිය ධාවනයට පියවර ගෙන ඇත.

රියැදුරන් සේවයට වාර්තා කිරීම අනුව ඇතැම් විට හෙටත් සියලු මාර්ගවල දුම්රිය කිහිපයක් අවලංගු වීමේ අවදානමක් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.