නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 23 වන බ්‍රහස්පතින්දා දින ද අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන ඉරිදා දින ද, නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වන බදදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවරුදු උදාව
අප්‍රේල් මස් 14 වන සිකුරාදා දින අපරභාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් එම වෙලාවට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදෙනු මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටසේ එනම් අප්‍රේල් මස 14 වන සිකුරාදා දින අපරභාග 2.59 සිට අපරභාග 9.23 දක්වා පහත දැක්වෙන නැකත් චාරිත්‍ර විදි ඉටු කිරීම මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපරභාග 03.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සරසි දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලද මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපරභාග 05.05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි ඉරිදා පූර්වභාග 09.41 ට රතු සහ කහ මිශ්‍ර වර්ණ ( තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් හා ස්නානය කිරීම මැනවි.
රැකිරක්ෂා සඳහා පිටව යාම
අප්‍රේල් මස 17 වැනි සඳුදා පූර්වභාග 06.28 ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි.
පැළ සිටුවීම
අප්‍රේල් මස 20 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.
ලබන්නා වූ අලුත් අවුරද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!

