උත්කර්ෂවත් අන්දමින් දහනව වන වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙල පවත්වනු ලැබුවා.ඉතින් ඒ ගැන මුළු රටම ඉතාමත් උනන්දු වුණා.ඒ වෙනුවෙන් අපේ රටේ ප්රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත් සුපිරිම ජනප්රිය තරු තරු සියල්ලක්ම සහභාගී වී සිටියා.
ඒ සඳහා අපේ රටේ කවුරුත් ආදරය කරන ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණීය බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය ද සහභාගි වුණා.එහිදී ඇය ජැක්සන් ඇන්තනී මහතාගේ නවතම තත්වය ගැන ගැන මේ විදිහට අදහස් පළකර සිටියා.
“මට ජීවිතය ගැන අමුතුවෙන් කියන්න දේවල් නැහැ.මීට මාස කිහිපයක ඉඳලම එක විදිහට තමයි ජීවිතය ගත වෙන්නේ.එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් තමයි මාස කිහිපයක්ම මම ගත කරන්නේ.
ඒ වගේම රයිගම් සම්මාන උළෙල ගැන කතා කළොත් ඒක ඉතාමත් සුවිශේෂී දෙයක්.හැමදාමත් රයිගම් අපි ලගින් හිටියා.ඒක නිසා තමයි මේ රයිගම රයිගම් සම්මාන උළෙල ඉතාමත් සුවිශේෂී වෙන්නේ.”
ඒ කොහොම වුණත් ඇය ඉතාමත් ලොකු වේදනාවක් හිතේ තියාගෙන හැමදාමත් වගේ ලොකු බලාපොරොත්තුවකින් ජීවත් වෙනවා කියන්න කොයි කවුරුත් දන්නවා.
ඉතින් අපි අදත් ප්රාර්ථනා කරන්නේ ඉතාමත් ඉක්මනින් ජැක්සන් මහතාට නිදුක් නිරෝගී වාසනාව ලැබේවා කියලයි.

