හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තරමක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉදිපත් කර ඇත.
එනම් අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටෙමින් ඇති බවත්, ලෝකය හමුවේ අමෙරිකාවට හිමිව තිබූ ස්ථානය අහිමි වෙමින් ඇති බවත් සහ අමෙරිකාව අපායට ගමන් කරමින් ඇති බවත් ය.
අමෙරිකානු ඩොලරය ඉදිරියේදී ලෝක සම්මත මුදල් ඒකකයක් නොවීමට වුවද ඉඩක් ඇති බව ට්‍රම්ප්ගේ අදහසයි.
ඔහු මෙම ප්‍රකාශය සිදු කලේ බ්‍රික්ස් සංවිධානය විසින් රටවල් අතර වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වා දීමට සූදානම් වන පසුබිමක යි.
බ්‍රික්ස් සංවිධානය බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකතුවෙන් සෑදී ඇත.

