ගයත්‍රි ඩයස්ගෙ දුව විවාහය වෙයි

ජනප්‍රිය කොයි කවුරුත් දන්න රංගන ශිල්පීන් යුවළක් තමයි ගයත්‍රි ඩයස් සහ චන්න පෙරේරා කියන්නෙ.පුංචි තිරයෙන් රිදී තිරයෙන් අපිට ඔවුන් දෙපළ නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වෙනවා.ඒ වගේම අපේ කලා ලෝකයට නැතුවම බැරි දෙපලක් තමයි ඔවුන්.

ඔවුන් දෙපලගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි මලීෂා පෙරේරා කියන්නෙ. ඉතාම සුරූපි ඇයව ඇය රංගනයට පිවිසීමට කැමැත්තෙන් ඉන්න නමුත් මේ වන විට කලා කටයුතුවල නිරත වෙන්නේ නැහැ.

කොහොම වුනත් තමන්ගේ පියාණන් සමගපසුගිය දවසක ඇය එක්තරා පිරිමි ලමයෙක් සමග ඡායාරූප අරගෙන තිබුණා.එහිදී බොහෝ දෙනෙක් පවසා සිටියේ ඇගේ පෙම්වතා කියලයි.

ඔන්න ඉතින් අද දිනයෙ ඇය තමන්ගේ ආදරණීය පෙම්වතා සමඟ විවාහ ගිවිස අරගෙන තිබුණා.එහි ඡායාරූප සමාජ මාධ්‍ය වල පළ කරලා තිබුණා.ඔවුන් දෙපලට අපි උණුසුම් සුබපැතුම් එකතු කර සිටිනවා