වැඩිහිටි ප්‍රතිලාභ කප්පාදුවට එරෙහිව චීනයේ විරෝධතා

කොවිඩ් වසංගතය හේතුවෙන් මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින චීනය, එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රතිලාභ කප්පාදු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි එක් පියවරක් ලෙස වැඩිහිටියන් ගේ වෛද්‍ය ප්‍රතිලාභ කපා හැරීම සිදු කර ඇති අතර එයට විරුද්ධව චීනයේ නගර රැසක වැඩිහිටි පිරිස් විරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

එසේම රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද චීන රජයේ අවධානය යොමුව ඇත.