එළැඹෙන උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය දැනුම් දෙනවා.
ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමේ අසීරුතාවය මෙසේ මිල ඉහළ යාමට හේතුව ලෙස ඔවුන් දන්වා සිටිනවා.
ඒ අනුව කුකුළු මස් කිලෝවක් රුපියල් 1,200 සිට රුපියල් 1,400 දක්වා වූ මිලක් අතර දෝලනය විය හැක.

