එළඹෙන උත්සව සමයේදී ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු අය කිරීමකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අද සිට රජය විසින් අවසර ලබා දී ඇත.
ඒ අනුව අද සිට අප්‍රේල් 12 වනදා දක්වා මාර්ග ආශ්‍රිතව වෙන්කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය මත නිෂ්පාදන අලෙවි කර ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවේ.

