අමෙරිකාවට හදිසි තත්ත්වයක්

අමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.

මෙම ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් දැනට පමණක් නිවාස 400ක් පමණ සම්පූර්ණ‍යෙන් ම විනාශ වී ඇති බවට යි වාර්තා වන්නේ.

ඉදිරි පැය කිහිපය ඇතුළත අධික වැසි, ටොනෙඩෝ සහ දැඩි හානිදායක තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත.