ලබන මාසයේ සිට නැවෙන් ඉන්දියාවට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නෞකා සේවයක් ලබන අප්‍රේල් මස 29 වනදා සිට ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඉන්දියාවේ පාණ්ඩිවේරි කාරියක්කාල් වරායේ සිට ලංකාවේ කන්කසන්තුරේ වරාය දක්වා මෙම මගී නෞකා සේවය ක්‍රියාත්මක වේ.