රුසියාවේ න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය වෙතට

රුසියාව සතු න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය තුළ ස්ථානගත කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා. ඔහු පවසන්නේ ඒ සඳහා බෙලරූස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ද කැමැත්ත පළ කර ඇති බවයි.

සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව යුක්රේනය, බෙලරූස් රාජ්‍යය සහ ලැට්වියාව 1996 වසරේදී තමන් සතු න්‍යෂ්ටික අවි රුසියාව වෙත ලබා දී තිබෙනවා. ඒ අනුව 1990 දශකයේ මැද භාගයෙන් අනතුරුව රුසියාව තමන් සතු න්‍යෂ්ටික අවි වෙනත් රටක ස්ථාපිත කරන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වසර 30ක් පුරා බෙලරූස් රාජ්‍ය්‍යට නායකත්වය දෙන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ සමීපතම මිතුරෙක් ද වීම විශේෂත්වයක්.