බස් ගාස්තුවේ අඩු වීමක්

ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ විනිමය අනුපාතය ස්ථාවර වීමක් සිදු වුවහොත් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු වීම නිසා, ඉන්ධන සඳහා වැය කළ යුතු මුදල මෙන්ම අනෙකුත් අමතර කොටස් සහ ආනයනය කරන දේවල පිරිවැය අඩුවීම හේතුවෙනි.

තවද බස් ගාස්තු සංශෝධනය, මිල සූත්‍රයකට අනුව සිදු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.