2022 වසරේ 5ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර ඇත.
මෙසේ නිකුත් කර ඇත්තේ සිංහල සහ දෙමළ මාධ්‍ය සඳහා වන පාසැල් සඳහා ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ය.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ලිපියක සඳහන් වෙන්නේ පාසල් ලැබීම හා සම්බන්ධයෙන් යොමු කරනු ලබන අභියාචනා online ක්‍රමයට යොමු කිරීමට ඉදිරියේ දී පහසුකම් සපයා දෙන බව ය.
පාසල් සඳහා වූ ලකුණු ලයිස්තුව අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවෙන් ලබා ගත හැකිය.

