ලංකාවට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් රටවල් 18 ක බැංකුවලට විශේෂ Vostro ගිණුම් (SVRA) විවෘත කිරීමට අවසර ලබාදී ඇති බව ඉන්දීය රජය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

මේ අනුව ගෙවීම් පියවීම සඳහා ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට එමගින් අවසර ලබා දී ඇත.

ලංකාව හැරුණු කොට ඉන්දීය රුපියල භාවිතා කිරීමේ අවසරය ෆීජි, බොට්ස්වානා, ගයනාව, ජර්මනිය, කෙන්යාව, ඊශ්‍රායලය, මැලේසියාව, මොරිෂස්, මියන්මාරය, නවසීලන්තය, ඕමානය, රුසියාව, සීෂෙල්ස්, සිංගප්පූරුව, ටැන්සානියාව, උගන්ඩාව සහ එක්සත් රාජධානිය ට ලැබී ඇත.