යුක්රේනයේ පවතින ගැටුම් සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සැලැස්මක් සකස් කර තිබෙනවා.
කරුණු 12 කින් සමන්විත මෙම සැලැස්ම පිළිබඳව චීන ජනාධිපති සමග සාකච්ඡා කිරීමට තමන් සෑමවිටම සුදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්රකාශ කර ඇත.
කෙසේවෙතත් චීන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම සැලැස්ම සාම ක්රියාවලිය ඇණහිටීමේ උපක්රමයක් විය හැකි බව අමෙරිකාව ප්රකාශ කර තිබේ.

