තවත් රුපියල් මිලියන 20ක මුදලක් ලබා දෙන්නේ නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට හැකි බව රජයේ මුද්‍රණාලය පවසනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සිදු කරන අවස්ථාවේ රජයේ මුද්‍රණාලයට ආරක්ෂාව ලබා දීමට පොලිසිය එකඟතාවය පළ කර ඇතත් තවමත් රජයේ මුද්‍රණාලයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් මුද්‍රණ කටයුතු සිදු කිරීම තවදුරටත් ප්‍රමාද වන බවයි රජයේ මුද්‍රණාලයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.

