අට හැවිරිදි දැරියකට අතවර කළ හැත්තෑ හැවිරිදි හිමි නමක් පහර කෑමට ලක්ව රෝහල් ගතකිරීමෙන් අනතුරුව අපවත් වී තිබේ.
මේ සිදුවීම සිදුව ඇත්තේ හෙට්ටිපොල පොලිස් වසමෙහි හිත්තරපොල ප්රදේශයේය.
මෙසේ පහර කමට ලක්ව අපවත් වී ඇත්තේ එලුවාපොල වගීශ්වර නමැති හැත්තෑ හැවිරිදි හිමිනමකි.
බෝධි පූජාවක් පැවැත්වීම සඳහා විහාරස්ථානයට ගිය දැරිය මෙම සිදුවීමට මුහුණ පා ඇති අතර එය දැනගත් දැරියගේ පියා සහ ඔහුගේ සහෝදරයකු හිමිනමට පහර දී තිබේ.
පහර කෑමට ලක්වූ හිමිනමව කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගියද හිමිනමගේ තත්ත්වය බරපතල වූයෙන් වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී අපවත්වී ඇත.

