උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදුක් නෑ

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ.

ඒ අද පස්වරුවේ අදාළ පාර්ශ්ව සමග මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුවය.