කලිදු කරුණාරත්න කියන්නේ දෙරණ නාලිකාවේ ජනප්‍රිය නිවේදකයෙක් වගේම කාලීන දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නෙක්. ඒ වගේම තමයි ඔහු පිළිබඳව කොයි කවුරුත් දැන ගත් කාරනාවක් තිබුනා.ඒ තමයි ඔහු මීට වසර කිහිපයකට පමණ පෙර සිට පෙම්වතෙක් වශයෙන් කටයුතු කළ බව. ඒ වෙන කවුරුත් නෙවෙයි දෙරණ නාලිකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කළ මනීෂා චංචලායි. එය අපේ රටේ බෙහෙවින් ජනප්‍රිය වන්නට පටන් ගත්තේ සිදු ටෙලි නාට්‍ය හරහායි.
නමුත් ඉතාමත් අවාසනාවන්ත අයුරින් මේ සම්බන්ධයට නැවතීමේ තිත තැබීමට සිදු වෙනවා. ඒ පිළිබඳව බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනකොට කලක සිට දෙදෙනාම නිහඬව සිටියා. නමුත් පසුගිය දිනයක දී සති අන්ත පුවත්පතක් වෙත කලිදු අදහස් දක්වා සිටියා. එහිදී ඔහු මේ විදිහට තමයි අදහස් දක්වා සිටියේ.
ඔහු ඒ කාලයේ දී ඉතාමත් දුෂ්කර කාලයක් තමයි ගත කරලා තියෙන්නේ. යාලුවොන්ට පින්සිද්ද වෙන්න තමයි ඔහුගේ හිත හදාගන්න ලැබිලා තියෙන්නෙ. මේ වන විට නම් සුපුරුදු විදියට රැකියා කටයුතු වලට මුල් තැන දීලා කටයුතු කරනවලු.
ඉස්කෝලේ යන කාලයේ ඉඳලම ආදර සම්බන්ධතාවයක් කිහිපයක්ම තිබුණත් හිත ගත්ත එකම තරුණිය ඇය ලු. මේ ආදර කතාව පටන් ගෙන තියෙන්නේ 2019 වසරේ මැද භාගයේදී.අවුරුදු තුනක ආදර කතාවට තිත තියලා තියෙන්නේ අප්‍රේල් මාසයේදී. මේ ආදර සම්බන්ධතාවයේ නතර කරන්න වුවමනාව තිබිලා තියෙන්නේ ඇයටලු. මේ සම්බන්ධය නවත්වන්න ඇයි කියලා හේතු අහන්නවත්, හේතු හොයන්න වත් ඔහු ගිහිල්ලා නැත්තෙ ඒකෙන් තමන්ගෙම හිත හදාගන්න හදා ගන්න අමාරු වෙන නිසයි. කොහොම වුණත් ඇයට එදා වගේම අදටත් ඔහු ගරු කරනවා ලු.
ඉතින් මේ විදිහට තමයි ඔහු අදහස් දක්වා සිටියේ. හැමදාමත් සතුටින් හිතේ සැහැල්ලුවෙන් ඉන්න ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා.






