ප්‍රසිද්ධ ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන ටුනීෂා ෂර්මා (Tunisha Sharma) සියදිවි නසාගෙන තිබේ.
ඇය (24) දියේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුකළ රූගතකිරීමකට සහභාගි වී සිටින අතරතුර මෙලෙස සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇය රූපගත කිරීම් අතරතුර නාන කාමරයට යාමට අවශ්‍ය බව පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර දිගු වෙලාවක් යන තුරුත් නැවත නොපැමිණීම හේතුවෙන් සෙසු පිරිස එම ස්ථානය පරීක්ෂා කර තිබේ.
එහිදී ඇයගේ වේශ නිරූපන කාමරය දොරගුළු ලා තිබී ඇති අතර දොර අගුළු කඩා පිරිස එයට ඇතුළු වී ඇත.
එහිදී වේශ නිරූපන කාමරයේ ඇති නාන කාමරය තුළ ඇය ගෙල වැලලාගෙන සිටි බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි සුරූපි ඉන්දීය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි.
ඇය ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී නාලික කිහිපයකම විකාශය වූ ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වී ඇති අතර බොලිවුඩ් සිනමාපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති බව සඳහන් වේ.






