නිහාල් නෙල්සන් අද යන්නම යයි


අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක නිහාල්  නෙල්සන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. ඒ, මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේදීයි.

කෙසේවෙතත් මින් පෙර අවමංගල්‍ය කමිටුව තීරණය  කර තිබුණේ ලුනාව කලපු ආශ්‍රිත ක්‍රීඩාංගණයේදී නිහාල් නෙල්සන් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමටයි. එහෙත් පසුව අවසන් කටයුතු සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමටයි තීරණය කර ඇත්තේ.