රුපියල් මිලියන 13ක මත්ද්‍රව්‍ය ගුවන්තොටුපොළෙන් හමුවෙයි

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තයේ තිබී මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් රේගු නිලධාරින් භාරයට ගෙන තිබෙන අතර එම පාර්සලය මෙරටට එවා ඇත්තේ මෙක්සිකෝවේ සිටයි.
පාර්සලය ලබා ගැනීමට පැමිණි මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 13 ක් වන අතර මෙක්සිකෝවේ සිට මෙරටට එවා රේගු නිලධාරින් භාරයට ගත් පළමු මෙතෆෙටමින් තොගය මෙය වේ.

මේ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 12ක් සමග සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ කළ වැටලීමකදී.