පැවති සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල මරණයට පත්වූ එළගවයින්, මීගවයින් හා එළුවන් සංඛ්‍යාව 1,660 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය මේ බව නිවේදනය කළේ අද මධ්‍යහන 12 වන විට ලබාගත් දත්ත අනුවයි.
ඒ අනුව උතුරු පලාතෙන් එළ හා මීගව මරණ 691 ක් සහ එළු මරණ 296 ක් වාර්තාවී තිබෙනවා. නැගෙනහිර පළාතේ මරණයට පත්ව ඇති එළගවයින් ගණන 511 ක්. එමෙන්ම මීගව මරණ 44 ක් සහ එළු මරණ 108 ක් ද නැගෙනහිර පළාතෙන් වාර්තාවී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ. මීට දින දෙකකට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වලින් වාර්තාවූ සත්ත්ව මරණ ගණන 1,096 ක් වූ බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

