ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙක්, රංගන ශිල්පියෙක් විදියට හැමෝම දන්න ඒ උගත් කඩවසම් කෙනා තමයි ඉෂාර මධුෂාන් කියන්නේ. පුංචි තිරයේ අහිංසක පෙම්වතා විදියට ඉෂාර දෙරණ නාලිකාවේ විකාශය වන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිමේ’ රදීශ් විදියට ප්‍රේක්ෂක අපි අතරට එනවා. අවුරුදු කුමාරයා විදියට තේරි පත් වුණු මේ කඩවසම් තරුණයාගේ ජීවිතයට ආලෝකයක් ලැබෙන්නේ ගුරුවරයා වගේම රංගන ශිල්පියෙක් විදියට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වන නිසයි.
ඉගෙන ගන්න දෙයින් කවදාවත් අපතෙ යන්නැතිව ඒ හැම දෙයක්ම ඔහුගේ ජීවිතය තුළ ප්‍රයෝජනයට ගන්න ඉෂාර රංගන ශිල්පියෙක් විදියට දායක වෙන ප්‍රථම නිර්මාණය තමයි දෙවෙනි ඉනිම කියන්නේ. එය දීර්ඝ ටෙලිනාට්‍යයක් නිසා ඔහුට දිගු කාලයක් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම ගැන ඉෂාර සතුටු වෙනවා. ඉතින් මේ කඩවසම් තරුණයා තවම පෙම්වතෙක් නෙමෙයි කියලයි ඔහු කියලා තිබුණේ. ඒ ගැන පුවත්පතකට ඔහු අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” ආදරය කියන්නේ සුන්දර හැඟීමක් වුණත් මට ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි වුණා තියෙන කාර්යබහුලත්වය නිසා. මම ඇත්තටම ආදරවන්තයෙක් නෙමෙයි. මම කැම්පස් ඉන්න කාලෙමයි පන්ති පටන් ගත්තේ. ඉෂාර කියන ගුරුවරයා ගොඩක් දෙනෙක් හදුනගත්තේ රංගන ශිල්පියා නිසා. රංගනයට උගත්කමත් එකතු වුනාම ලොකු වටිනාකමක් ලැබෙනවා.’’
ඉතින් කවුරුත් දන්න මේ කඩවසම් ගුරුවරයා ඔහුගේම ව්‍යාපාරයකුත් කරන්නයි සූදානම් වෙන්නේ. මේ විදියට කවුරුත් ආදරේ කරන දෙවෙනි ඉනිමේ රදීශ් එහෙමත් නැතිනම් ඉෂාර මධුෂාන්ට අපි ඉදිරි ජීවිතයට සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.




