රට ඉන්න ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් ගැන දැනුම්දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිඳු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එසේම බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇති බවට සඳහන් කටකතා සම්පූර්ණයෙන් සාවද්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ.
විදෙස්ගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන්ට දැනට ලබාදී ඇති විවිධ දිරිදීමනා අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම කිසිඳු හෝ වෙනසක් නොමැති බුක්ති විඳිය හැකි බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්,