පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ තිබූ ගංජා කිලෝග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් මීයන් විසින් කා දමා ඇති බව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලීසිය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සාක්ෂියක් ලෙස මෙම තොගය ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට දන්වා ඇති අතර එහිදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලීසිය සඳහන් කර ඇත්තේ, ගංජා කිලෝග්‍රෑම් 195ක් මීයන් විසින් විනාශ කර ඇති බවයි.
තවත් නඩු කිහිපයකදීද ඉන්දීය පොලීසිය විසින් මෙවැනි ආකාරයට අත්අඩංගුවේ තිබූ නඩු භාණ්ඩ මීයන් විසින් විනාශ කර ඇති බවට වාර්තා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

