වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන විසි හතරක්

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන විසි හතරක් හඳුනාගෙන තිබෙනවා. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මෙම ස්ථාන හඳුනාගෙන ඇති බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

වයික්කාල, මීගමුව, කොග්ගල, ලූනම යන කළපු, පුත්තලම කළපු දූපත් මෙන්ම නන්දිකඩාල්, සන්තකුලම්, සම්පල්තිව්, කුණුකලෙයි, නයාරු යන වෙරළ තීරයන් ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයකුයි මෙලෙස සංචාරක ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ. එම ස්ථාන පිළිබඳ දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග උපදෙස් ලබාදී තිබෙනවා.