අනියම් බිරිඳව රත්වුණු ඉස්තිරික්කයෙන් පුච්චා දමලා

රෙදි මදින ඉස්තිරික්කයකින් අනියම් බිරිඳ පුළුස්සා වධ හිංසා පැමිණු ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා රජයේ ප්‍රධාන අමාත්‍යාංශයක සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන බවයි වාර්තා වෙන්නේ.

කොළඹ පිහිටි අධිකාරියක උසස් නිලයක් දරන සැකකරුගේ 40 හැවිරිදි අනියම් බිරිඳ මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කරන්නේ.

සැකකරු සහ අනියම් බිරිඳ අතර ඇති වූ ආරවුලක් ඇතිවී ඇති අතර  සැකකරු රෙදි මදින ඉස්තිරික්කයකින් කාන්තාව පුලුස්සා අවස්ථාවේදී පහර දෙමින් වධහිංසා පමුණවා ඇති අතර සිය ජීවිතය බේරාගැනීම සඳහා නිවසේ උඩු මහලෙන් බිමට පැන ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

නමුත්  උඩුමහලින් බිමට පැන්නේද, නැතහොත් සැකකරු ඇයව උඩුමහලින් බිමට දැම්මේ ද යන්න සෙවීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.