ඕස්ට්‍රේලියාවේ අත්අඩංගුවේ පසුවන ධනුෂ්ක ගුණතිලකගේ නීතිමය වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ඇති බව ඔහුගේ නීතිඥ ආනන්ද අමරනාත් පවසා සිටිනවා.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ක්‍රිකට් ආයතනය නීතිඥ ගාස්තු ගෙවනු ලබන්නේ පසුව ඔහුගෙන් එය අයකිරීමේ පදනම මත බවයි වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීමට සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ ඔහු විදේශිකයකු නිසා බවත් ලබාදී ඇති ලිපිනයේ නඩු විභාගය අවසන් වන තෙක් රැදී සිටිනු ඇති බවට සහතික කළ නොහැකිවීම නිසා බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.
ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ එම ලිපිනය් ලබාදී ඇත්තේ මෙරට සිටින දේශපාලඥයෙකු බවට ද තොරතුරු වාර්තා වන්නේ.
නෙත් නිව්ස්

