හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා භාවිත කරන බව කියන ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (30) සිය භාරයට ගනු ලැබීය.
ඒ, එම රථය නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වා ඇතැයි සහ ලියාපදිංචි සහතික නොමැති බවට වන චෝදනාවකට අදාළවය.
තීරු බදු නොගෙවා මෙරටට රැගෙන විත් නීතිවිරෝධි ලෙස එකලස් කළ සහ ලියාපදිංචි නොකළ බවට තොරතුරු වාර්තා වූ Isuzu Bighorn වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් ලුහුබැඳ ගොස් තිබුණි.
එම නිලධාරීන් ජීප් රථය ගාල්ල නගරයේදී නවතා පරීක්ෂාවට ලක්කර තිබුණි.
එම ජීප් රථය එම අවස්ථාවේ පදවනු ලැබ ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බවටත් එහිදී හෙළිවී තිබේ.

