රන්ජන් ඇමෙරිකාවට යයි

සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශවරයකු පැවසීය.

අද අලුයම 03.50 ට කටාර් රාජ්‍ය දෝහා වෙත , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් ඔහු පළමුවෙන්ම පිටත්ව ගොස් තිබේ.