පාන් රාත්තලක යකඩ ඇණ තුනක්

යාපනය අච්චුවේලි පිහිටි වෙළඳසැලකින් මිලට ගත් ගත් පාන්ගෙඩියක් තුළ යකඩ ඇණ 03 ක් තිබී ඊයේ (27) සවස හමු වූ බවට පාරිභොගිකයෙකු විසින් යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

අදාල පාරිභෝගිකයා අච්චුවේලි පිහිටි වෙළඳසැලකින් පාන්ගොඩිය මිලිට ගෙන නිවසට ගොස් දරුවන්ට ආහාර ගැනීම සඳහා ලබාදී ඇති අතර එහිදී දරුවන් පාන් ගෙඩිය කඩන අවස්ථාවේදී එහි තුල තිබී යකඩ ඇණයක් මතු වී දෙමාපියන්ට දැනුම් දී ඇත.