බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා නම් කෙරේ

බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ලෙස Liz Truss පත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (05) පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයෙන් ජයග්‍රහණය කිරීමට Liz Truss සමත්ව ඇති අතර ඇයගේ ප්‍රතිවාදියා වූයේ බ්‍රිතන්‍යයේ හිටපු මුදල් ඇමති රිෂි සුනක්.

ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 57%ක් ඇය ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

ඇය හෙට (06) නිල වශයෙන් රටේ නායකයා ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.