ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පුර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ද්‍රෝණි ජලයෙන් පිරි ඇති බැවින් එම ද්‍රෝණිවලින් එකක් හෝ කිහිපයකට දැඩි වර්ෂාපතන තත්ත්වයක් ඇති වුවහොත් එම ද්‍රෝණිවල ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව අදාළ ප්‍රදේශවල සිටින පිරිස් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.