අත්අඩංගුවට ගත් අරගල කරුවන්ට අධිකරණයෙන් ඇප

ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් 09 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටීම ඇතුළු චෝදනා මතයි.