රනිල්, විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි


ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම ධූරයේ දිවුරුම් දුන්නා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව පළමුව පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අතර ඔවුන් පිළිගත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්.