ඉන්ධන බලපත්‍ර මිලියන 2කට අධික පිරිසක් ලියාපදිංචි වී අවසන්

ජාතික ඉන්ධන බලපත්‍ර මේ වන විට මිලියන 2කට අධික පිරිසක් අද පස්වරු 4.00 වන විට ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යය කංචන විජේසේකර කියයි. එළැඹෙන 21 දා කොළඹ ස්ථාන කිහිපයකදී පරීක්ෂාවට ලක්කරන බවත් ඒ සමගම වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවැසිය.