නව කොවිඩ්-19 ආසාදන වැඩිවීම හේතුවෙන් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට එහි මුඛ ආවරණ නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, ආසාදන වැඩිවීම දිගටම පැවතුණහොත් සියලුම ගෘහස්ථ පොදු ස්ථානවල මුඛ ආවරණ අවශ්‍ය විය හැකි බවට අනතුරු අඟවයි. රෝහල්ගතවීම මත පදනම්ව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) විසින් නිර්මාණය කරන ලද මාර්ගෝපදේශ උපුටා දක්වමින් ලොස් ඇන්ජලීස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා නව රෝගීන් 8,535ක් සහ මරණ 14ක් වාර්තා කිරීමෙන් පසු ප්‍රාන්තයේ වසංගත අවදානම් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

