ජෝන් හොප්කින්ස් සරසවියේ උද්ධමන වාර්තාවට අනුව ශ්රී ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබේ. ඊයේ (11) නිකුත් කළ නවතම වාර්තාවට අනුව මෙතෙක් උද්ධමන දර්ශකයේ දෙවන ස්ථානයේ රැඳී සිටි ලංකාව තෙවන ස්ථානයට පත්ව ඇති බවය. ඒ අනුව තුර්කිය එම දර්ශකයේ දෙවන ස්ථානයට පැමිණ ඇති අතර සිම්බාම්බේ තවදුරටත් උද්ධමන දර්ශකයේ පළමු ස්ථානයේ රැඳී සිටී.
ලෝකයේ ආර්ථික තත්ත්වය පිළිබඳව මාසිකව නිකුත් කරනු ලබන ජෝන් හොප්කින්ස් සරසවියේ මහාචාර්ය ස්ටිව් හැන්ක්ගේ උද්ධමන දර්ශකය ලොව ප්ප්රධානතම උද්ධමන විශ්ලේෂණ නිර්ණායකය ලෙසයි සැලකේ. අදාළ සිව්වන දර්ශකයේ සිව්වන ස්ථානයේ වෙනිසියුලාව රැඳී සිටින අතර ලෙබනනය පස්වන ස්ථානයේත් පාකිස්ථානය 12 වන ස්ථානයේත් රැඳී සිටී.

