ඇමති කියන දින වලට තෙල් එන්නේ නෑ

කෝටා ක්‍රමයක් යටතේ මෙතෙක් පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා නිකුත් කළ ඩීසල් අද උදෑසන සිට ලබා දීම අත්හිටුවා ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඔවුන් කියා සිටින්නේ මෙලෙස දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ලබාදු දුන් ලීටර හතළිහක් වන ඩීසල් කෝටාව මෙලෙස වහාම ක්‍රියාත්මක වන ලෙස පරිදි අත්හිටුවා ඇති බවයි. මෙලෙස පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබා දීම ද අත්හිටුවා ඇති පසුබිමක් යටතේ ලංගම සේවකයින් ද වැඩ වර්ජනයකට සුදානම් වන බවට වාර්තා පළ වනවා. පුද්ගලික බස් රථ හිමියන්ගෙන් පවසන්නේ එලෙස පෞද්ගලික බස් ධාවනය ද කඩාකප්පල් කර ලංගම සේවකයින්ද වැඩවර්ජනයකට යොමු වන්නේ නම් ඒ හරහා මෙරට වැඩ කරන ජනතාවට බරපතල ප්‍රවාහන ගැටලුවක් මතු වන බවයි.

මේ අතර අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ මෙලෙස ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ලබා දුන් ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත්තේ හෙට දින කොළඹ පැවැත්වෙන විරෝධතාවට පිට පළාත්වලින් පැමිණෙන පිරිස් හට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කිරීමට බවයි. රජයේ මෙම බියගුළු ක්‍රියාව හෙළා දකින බවත් එය පරාජය කිරිම සඳහා විරෝධතාවට එක් වන සියලු දෙනා එකාවන්ව කටයුතු කළ යුතු බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා. ඔහු ප්‍රකාශ කළේ රජය ඉන්ධන බෙදාහැරීම අත්හිටවා ලංගම සේවකයින් වර්ජන ක්‍රියාමාර්ගයකට යොමුකර ප්‍රවාහන පහසුකම් අඩාල කරන්නේ නම් තමන්ට ආසන්නම නගරයට ගොස් රජයට විරෝධතාව පළ කරන ලෙසයි.

එමෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සභාපතිවරයා පැවසූ පරිදිම වර්තමානයේ පවතින මිලට වඩා අඩුවෙන් ඉන්ධන ලබා දිය හැකි බව ද ඔහු අවධාරණය කරනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආනන්ද පාලිත කියා සිටියේ

“උපයෝගිතා කොමිසමේ සභාපති කිව්ව‍ එක මම කිව්වේ ජුනි 27 මේක ගසා කෑමක් කියලා. රුපියල් 107.00 ට ගන්නවා තෙල් සංස්ථාව, රජය රුපියල් 59.00 ක් බදු ගන්නවා. පෙට්‍රල් වලට සුපර් පෙට්‍රල් වලට රුපියල් 87.00 යි. මේවා ගන්නේ උඩින් ගහන ගැහිලි වලට අමතරව. සංස්ථවේ ගසා කෑමත් අඩු උනාම ඩීසල් ලීටරයක් රුපියල් 190.00 ට දෙන්න පුළුවන්. නමුත් කරන්නේ ගසා කෑම. දැන් නන්දලාල් කියනවා තෙල් ගේන්න මුදල් අච්චු ගහන්න වෙනවා කියලා. එහෙම උනොත් උද්දමනය වැඩි වෙනවලු පට්ට පල් බොරු රුපියල් බිලියන 540 තියෙන්න ඕන ගත්තු බදු වලින් විතරක් කෝ මේ ඉන්ධන බදු සල්ලි. තෙල් සංස්ථාව තුල අඩුම වශයෙන් රුපියල් බිලියන 500 තියෙන්න. ඕන තෙල් සංස්ථාවේ වැටුප් ගෙව්වට පස්සේ. අද අට වෙනිදා ඉදිරියේදී තෙල් එන්න නම් අද සල්ලි බදින්න ඕන ඇමති නැව් එනවා කියනවා ජනතාව නැව් එනකම් බලන් ඉන්නවා තෙල් පෝලිමේ 14 වෙනි මරණයත් සිදු උනා. ආණ්ඩුව ට ඕන ඉන්දන හල් වල ගැටුම් ඇති කරන්න. මුදල් ඇමති භාණ්ඩාගාර ලේකම් වග කියන්න ඕනේ ඉන්දන බදු මුදල් වලට මොකද උනේ කියලා”.