ඉදිරි සති තුන ඉතා දුෂ්කරයි

ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති තුන ඉතාමත් දුෂ්කර කාල සීමාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ගමන්බිමන් හැකි තරම් සීමා කර ගනිමින් සියලු දෙනා හැකිතාක් අරපරෙස්සමෙන් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු බවත් ඒ අනුව මේ කාල සීමාවේ අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් එක් රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි.