ගාලු පාරට මුහුදුු රළ ගැසීමෙන් සිදු වූ දේ මෙන්න

මුහුදු රළ ඉහල යාම හේතුවෙන් ගාල්ල සහ අවට ස්ථාන කිහිපයකින් ගාලු පාරට මුහුදුු රළ ගැසීම හේතුවෙන් එම ප්‍රදේශවල ගමනා ගමනයටද බාධා එල්ල වී තිබෙනවා. මුහුදු රළ ඉහළ යෑම නිසා අකුරල සිට තෙල්වත්ත දක්වා වෙරළ ආරක්ෂක ගල් වැටිය රළ පහරට ගැලවී ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ගාල්ල දෙවට, හික්කඩුව, කොග්ගල ආදී ප්‍රදේශවලද මුහුදු ජලය ගාලු පාර දක්වා පැමිණ තිබූ බවත් මුහුදු රළ පහර සමග පැමිණි වැලි සහ අපද්‍රව්‍ය මාර්ගය පුරා විසිරී තිබුණු ආකාරයද දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් වැඩිදුරටත් සදහන් කලේ.

මේ අතර සක්‍රීය නිරත දිග මෝසම් තත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වය වැඩි වීම තවදුරටත් බලාපොරෙත්තුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළේ.
ජායාරූප : ෆර්හාන් නිෂාම්ඩින්