රටවල් 4කට රුසියාවෙන් රන් ආනයනය නවත්වයි

රුසියාවෙන් රන් ආනයනය කිරීම තහනම් කිරීමට ඇමරිකාව සහ ජී හත රටවල් තුනක් වන බි්‍රතාන්‍ය, කැනඩාව, ජපානය තීරණය කර තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව අනුගමනය කරන ක්‍රියාමාර්ගයි. ඩොලර් බිලියන 10ක පමණ අපනයන ආදායමක් රුසියාව රන් අපනයනයෙන් උපයන අතර මෙම තහනම එරට ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුකරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.