මීමුරේදී බස් රථයක් පෙරලී පුද්ගලයෙකු මරුට

මීමුරේ – හුන්නස්ගිරිය මාර්ගයේ – ලූල් වත්ත ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද පස්වරු 2.00 ට පමණ මීමුරේ ප්‍රදේශයේ සංචාරයක පැමිණි බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරෙන් තුවාල ලැබූවන් 5 දෙනෙකු තෙල්දෙණිය මූලික රෝහලටත්, තවත් කිහිපදෙනෙකු මැදමහනුවර ප්‍රාදේශිය රෝහලටත් ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම, මැදමහනුවර ප්‍රාදේශිය රෝහලේ අනතුරෙන් මියගිය පුද්ගලයාගේ සිරුර තැම්පත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.