දැන් රටම කතාවෙන වර්ණය කහ පාටය.එයට ප්‍රභල හේතුවක් වී ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයයි.විවිධ බාධක මධ්‍යයේ එම කණ්ඩායම ලංකාවට පැමිණීම ගැන ඔවුන්ට කෘතගුණ සැලකිය යුතු බව ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් පවසයි.
ඒ සඳහා ඔවුන් යෝජනා කරන්නේ දෙරට අතර හෙට (24) දිනයේදී කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසාන එක්දින තරගය නැරඹීමට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ස්තූතිය පළකිරීමට සියල්ලන් කහ වර්ණයෙන් සැරසී එන ලෙසටය.
මේ වනවිට එම යෝජනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන් ඔස්සේ විශාල ප්‍රචාරණය කරමින් පවතී.
අද දෙරණ

