නිවසක් තුළ ගිණිඅවි 5ක් තිබී හමුවෙයි

දෙමහල් නිවසක සිවිලිමේ සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවි 5ක් සොයාගෙන තිබේ. ඒ, වත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මාබෝල දූවවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකදීය. මෙහිදී බෝර 12 ගිනිඅවි 02ක්, අමෙරිකාවේ නිෂ්පාදිත ගිනිඅවියක්, චෙකොස්ලොවැකියාවේ සහ ජර්මනියේ නිෂ්පාදිත උණ්ඩ 07 බැගින් යොදන මැගසින් සහිත රයිෆල් දෙකක්ද හමුවී තිබේ.