ගුරුවරුන්ට ළඟම පාසලේ සේවය කිරීමට අවස්ථාව

රට තුළ පවතින ප්‍රවාහන අපහසුතා හේතුවෙන් ගුරුවරුන්ගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නව චක්‍රලේකනයක් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ චක්‍රලේකනයේ පිටපත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, මුදල් කොමිෂන් සභාවේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශයේ සියලුම අතිරේක ලේකම්වරුන් සහ අධ්‍යක්ෂක (ජාතික පාසල්) වෙත යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ කොන්දේසි කිහිපයකට යටත්ව ගුරුවරුන්ගේ ඉල්ලීම් සලකාබලා පහසු පාසල් වෙත තාවකාලික සේවා අනුයුත්ක ලබාදීමට සලකාබලන ලෙසය.